සුමුදු මල් පරව ගිය
එක ළවැලි තලාවක
සුළඟ පමණයි ඉතුරු
ඉරිතැළුන බිම පිසින
සංසාර පුරුද්දට
හැමදාම සිත දිව්ව
ගං දෑල සිඹන් ගිය
ගඟ සොඳුරු කොතැන අද
වෙනදාට පිනි වැස්සේ
තෙමි තෙමී ගී ගැයුව
මගේ හිත පිනවාපු
විහඟුනේ කොහිද නුඹ
පෙරදාක නෙක මලින්
සුළගේ සුව මුහු කෙරුව
හීනවල පාට ගත්
උයන් වතු කෝ කොතැන
දඟකාර සමනල්ලු
අහසේ සෙල්ලම් කෙරුව
අනන්තෙට හිත ගියපු
මැකිලාද දේදුන්න
වියරු වැල්ලෙන් කෙවී
කඳුළු ගංගා ගලන
නෙත් දෙකින් මවන්නම්
වැහිවලා තීරයම
ප.ලි - පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස ලඟම ළඟදීම බලාපොරොත්තු වන්න.
ප.ලි - පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස ලඟම ළඟදීම බලාපොරොත්තු වන්න.
හෝ හෝ කවිකාරයෝ සෑහෙන්ට. පරන කවිකාරයෝ... නියමයි මානවක පුත්තරයා...
ReplyDeleteඔව් සෑහෙන්න පරණ කවිකාරයෙක්.....
Deleteමම කැමතිම පද ටිකක්..ලස්සනයි..
ReplyDeleteතැන්කු තැන්කු...ඒ උනාට මම කැමතිම කවි ලිස්ට් එකේ ලිහිනිගේ කවියකුත් තියනවා...
Deleteසරලත්වය සමහර වෙලාවට සන්කීර්නත්වය පරයනව. හොඳම උදාහරනය මානවක. කවි පන්ති 2කම කියෙව්ව ඔන්න :)
ReplyDeleteමානවක අර ෆේස්බුක් කමෙන්ට් දාන ගැජට් එක එල්ල ගත්තෙ කොහොමද කියන්නකෝ :)
බොහොම ස්තුතියි සමී.මගේ හිතට මාර විදියට වැදුන කොමෙන්ටුවක්.
Deleteෆේස්බුක් කොමෙන්ටු ගත්තේ ට්‍රික්ස් ලංකා එකෙන් හැබැයි සමහර default blogger theme වලට වැඩ කරන්නේ නෑ.
http://www.trickslanka.com/blogging-tricks/blogger/facebook-comment-box-with-blogger-comments/
ස්තූතියි :)
Deleteඒ කිව්වේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකක්ද කිව්වේ? කවුද කිව්වේ?
Deleteලස්සනම ලස්සනයි!!!:)
ReplyDeleteතැන්ම තැන්කු හොඳේ...!!!!!!!! :P
Deleteඑළ! :)
ReplyDeleteස්තුතියි මචන්.......
Deleteමේක බැලුවම නම් හිතෙන්නෙ ඉස්සර නම් ඔයාට පිස්සු තිබිලා නැහැ කියලා තමයි.:පී
ReplyDeleteලස්සන කවිටික මානවකයො.
මේ මට දැනුත් පිස්සු නෑ කියල මම හිතනවා හරිය...
Deleteඔයැයි එහෙම හිතුවට වැඩක් තියෙනවැයි,අපි දන්නවනෙ ඔයැයිට පිස්සුය කියල.:පී
Deleteඔන්න මමත් ආවා මේ පැත්තේ.අඳුරු වුනාට හරි ලස්සනයි..කවීත්වය හොඳයි..ආයෙත් එන්නම්කෝ..
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට....මේ දවස වල නත්තල් හින්දා ලයිට් දාල තියෙන්නේ අඳුරු නෑ.... ;)
Deleteප්‍රොජෙක්ට් එක කරන කාලෙත් බූට් කාලද හිටියේ ? :D
ReplyDeleteපිස්සුද ? ඒ කාලේ මට කෙල්ලෙක් හිටියේ වත් නෑ.
Deleteමේ කවෙත් එතරම්ම නුපුරුදු බවක්නම් පෙනෙන්න නැනේ අනේ.
ReplyDeleteඒ උනාට දැන් ලිය වෙන්නේ වෙන වෙන ඒවානේ .
Deleteඅහා හයියෝ මම එන්න පරක්කුයි :) හිකිස්
ReplyDeleteමානවක අයියේ හැමදාම වගේ කවි ටික ලස්සනයි.
තැන්කු තැන්කු.......පරක්කු උනාට අව්ලක් නෑ..මේ උත්සව කාලෙනේ..
Deleteඋසස් පෙළ කේවල ව්‍යාපෘතියට වාණිජ කරපු මම ලිව්වෙ නිසදැස්... කෝ ඒක පාසලේ ව්‍යාපෘති පුස්තකාලෙ රදවගෙන නොවැ... මට දෙන්න බෑ කියනවා...තිබ්බා නම් ඒකෙනි දෙක තුනක් දාන්න තිබුනා... ඒ දවස් වල මගේ කවි සිත බොහොම බලවත්... දැන් නම් ෆුල් අබ්ලික්...
ReplyDeleteමම නම් කරේ උස්සලා දැම්මා . මොකද මම දැනගෙන හිටියා ඔය පරණ ප්‍රොජෙක්ට් වලට වෙන්නේ මොනවද කියලා
Deleteඅවුරුදු නවයකට විතර කලින් ලියපු ඒවා මෙහෙම නම් දැන් ලියන කවි කොහොම හිටිවිද කියල මම කල්පනා කළේ..ඒවත් දාන්න බලන්න මම කවියට නම් කැමතියි. මේ කවියේ මුල්ම කොටසේ"ලබැදි" යන වචනය වෙනුවට "ළවැලි" යන වචනය යෙදිම නිවැරදිය.
ReplyDeleteකිව්ව වෙනස් කම කරා අයියේ...මම හිතන්නේ දැන් තමයි තවත් කවිය පරිපුර්ණ වෙන්නේ...බොහොම පින් වෙනස්කම ගැන කිව්වට...
Deleteඋඹ වෙනස්කම් කරා කිව්වට ඒක බාගෙටයි කරලා තියෙන්නේ ,,වචනේ හරියට ලියපන් නැත්නම් වෙන තේරුමක් එන්නේ. දයා අයියා ලියලා තියෙන විදිහටම ළවැලි කියන එක ලියපන්. එකම වචනයක 'ල' කාරය දෙතැනක යෙදේ නම් මුලින් යෙදෙන්නේ මූර්ධජ 'ළ' වේ
Deleteදැන් හරියෝ.....
Delete,යකඩෝ ගං දෑල තියේ නම් ගඟ නැතිවෙන්න විදිහක් නෑනේ. පොඩ්ඩක් බලපන් ඇස් දෙක ඇරලා.
ReplyDeleteකවිපද ටික අපූරුයි මචං. මේ කවිපෙළ කියවනකොට මට මතක් වුනේ රත්න ශ්‍රීගේ වස්සානය කියන කවි පන්තිය. උඹට නම් ගිම්හානය වගෙයි.
ගඟ ගලපු තැන තියනවා ගඟ නෑ...වස්සානය කියන්නේ මම ආසම කවි පන්තිය...ඒ දවස වල වගේම මම දැනුත් අනුගමනය කරන්නේ ඒ වස්සානය කවිවල ශයිලිය....
Delete