මේ සීසර් නම ඇහුන ගමන්ම අපිට මතකෙට එන්නේ කවුද?.හ්ම්ම්ම් අර දක්ෂ රෝමානු සෙනෙවියා,නැත්තන් අර සූර පප්පා එකේ විදියට ක්ලියෝපැට්රා ගේ හබියා.එහෙමත් නැත්තන් ෆිනෑන්ස් කරලා වාහන අරන් වාරික ගෙවන්න කල් පහු කරන අයගේ මාරයා.අර දරු උපතකදී කරන සැත්කම .අහ්හ් තව කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා.හා හා දැන් කට්ටියගේ කටවල් කන ගාවට ඇවිත් දිවවල් බුරිය ගාවට ඇවිත් ඇති නේ.හේතුව හොයාගන්න නම් ඉතින් අන්තිම වෙනකන්ම කියවන්න වෙනවා.
ජුලියස් සීසර් ගැන , වාහන සීසර් ල ගැන ඒවගේම සීසර් සැත්කම ගැන මම අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ කට්ටිය දන්නවනේ.ඉතින් කොහොමද සීසර් "කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා" වෙන්නේ.මේක තමයි සමාජ ගවේෂක මානවකගේ අලුත්ම සමාජ විද්‍යාත්මක සොයා ගැනීම.වැඩියය ආලවට්ටන් නැතුව ලේසියෙන්ම කියන්න පුළුවන් සරල සංසිද්දියක්.
සීසර් කොහොමද කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා වෙන්නේ ?පුරුදු විදියටම කතාවකින්ම විස්තර කරන්නම්කො.
ඔන්න තරුණ ගෑණු ළමයෙක් ළඟදි මව් පදවිය ලැබුවා…ඉතින් ඒ දවසෙ මේ ළමයට කම්කරු වේදනාව(ලේබර් පේන්)
ගොඩක් දැනිලා…ඒත් දෙය්යන්ගෙ පිහිටෙන් කරදරයක් නැතිව ලස්සන කෙලි
පැටික්කියෙකුත් මේ ලෝකෙට ආව.ඒත් අලුත් අම්මගෙ හිතේ තිබ්බෙම ඉතින් අර වේදනාව
තමයි.වරදක් හිතන්න එපා දරුවත් එක්ක තරහින් නෙවේ ඒත් අරක තමා හිතේ…
(ඒක ගොඩක් වේදනාකරි අත්දැකීමක්.අම්මලා දරුවන්ට ගොඩක් ආදරේ වෙන්න එක හේතුවක් කියලයි මම හිතන්නේ )
ඉතින් ඔන්න අලුත් අම්මගේ අම්මල එහෙම ආවලු අලුත් මිණිපිරීයි දුවවයි බලන්න….ඉතින් මෙයා
අම්මට හරිම දුකෙන් කිව්වලු…අනේ මම නම් ආයේ නම් අරයට මගේ ඇගට අත තියන්න දෙන්නෙත් නෑ ළමයි හදන්නෙත්
නෑ කියලා….(ඒ මොකක්ද කියල මගෙන් අහන්න එපා ඕන්.)
ඉතින් මේක අහන් හිටිය අම්මා හරිම නිවුනු ස්වරයෙන් කිව්වලු..
ඕවා පුතේ මැහුම් කපනකන් විතරයි…. කියලා…
කතාව ඉවරයි.තෑගී නැති ප්‍රශ්නය...
සීසර් කොහොමද කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා වෙන්නේ ?
ඔයා කියන්නේ සීසර් සත්කම් නිසා මහත්වරුන්ට බිරින්දෑවරුන්ගෙන් බැනුම් අහන්න වෙන එක අඩු වෙනවා කියලද... හි හි....නැත්තම් බැනුම් කෝටියයි නේ තමුසේ හින්දා තමයි මට මෙහෙම උනේ කියලා... හි හි
ReplyDeleteසීසර් සැත්කමේ වාසි සහ අවාසි තියෙනවා.. මාත් සීසර් සැත්කමකින් මෙලොව එළිය බලපු එකෙක් නේ.. හි හි...
මමත් ඉපදිලා තියෙන්නේ සීසර් සැත්කමකින්.අපේ අම්මා නම් කිව්වේ මම ඉපදෙනවා කියල දීපු දවසට වැඩිය සතියක් විතර පරක්කු වෙච්ච නිසා අම්මව සීසර් කරා කියලා.ඒකමද මන්දා මට දැන්වත් වෙලාවට වැඩක කරන්න බැරි :P
Deleteප්‍රශ්නෙට උත්තරේ Lasitha Sandaruwan Disanayake උඩින් දීල තියනවා
බුදු අම්මෝ ප්‍රශ්නත් අහල ....මේවට දැන් ඉතින් උත්තර දීපල්ලකෝ ...
ReplyDeleteඔන්න හිතට එන එක කියල දාන්න....
DeleteAiyo kathavak kiyavann aave meya pasnayak ahala ne anthimata.
ReplyDeleteUththare hiru akka deela ne thiyenne
ආයෙත් අහනවා මේවා සාමාන්‍ය දැනීම.
Deleteප්‍රශ්නෙට උත්තරේ Lasitha Sandaruwan Disanayake උඩින් දීල තියනවා.
හික්ස්! ඒත් අමාරුයි මම නම් දන්න විදිහට... ;)
ReplyDeleteතව වතාවක් උත්සාහ කරන්න....
Deleteඋත්තර දන්නේ නැතෝ
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් !!!
එසේම වේවා...එසේම වේවා
Deleteමානවකයත් පොඩි සිදුරු වලට කැමති හැඩයි. අනේ යකෝ දොස්තරට කියල තව මැහුං දෙකක් දාගනිංකෝ හොඳට හිරට.සිසර් කළාම ගෑනියෙක් විඳින දුක අපමණයි.
ReplyDeleteමම මේ තාම තනිකඩය වෙච්චි හිරද ලූස් ද කියල දන්නේ නෑ...මම අහල තියන දෙයක් තමයි ලිව්වේ......
Deleteබුහ්හා...... තොට මොලේ කොලොප්පන්ද.....
ReplyDeleteඔය එපා කිව්වට ඒයාල සීසර් නැත්තන්.... බ්ලෙඩ් එකෙන් හරි මැහුන් කපල ඇදල දාල දන ගාගෙන එනවා... ( ළු )
හෑ....මීයෝ....අත්දැකීම්ද කතා කරන්නේ...ඔය කිව්වම තව කතාවක් අමතක් උනා...අර ගෑනි මිනිහට කියන්නේ "ඒයි බලනවකෝ කොට කාලක් වත් ඉතුරු වෙලා නැද්ද කියල"... :P
Deleteකාලෙකින් ආවේ ........ මෙන්න යකෝ මූත් ප්‍රශ්න අහන්න අරන්
ReplyDeleteප්‍රථම සහ අවසාන වතාවට එකක් ඇහුවේ...
Deleteදවසක් අපේ පොරක් කිව්වා සිසේරියන් සැත්කම කියලා ඒකට නම ලැබුණේ ඒ සැත්කම මුලින්ම කළේ සීසර්ගේ අම්මාට කරපු නිසා කියලා
ReplyDeleteඅහ්හ් හොයල බලන්න ඕනෑ Wikipedia එකේ ඔය ගැන
Deleteතෑගිත් එපා ප්‍රශ්නත් එපා.ප්‍රශ්නෙට උත්තරේ අදාළ තැනට හානියක් නැතීවීම නේද?
ReplyDeleteඔව් ඔව් . සමහර අය අතරේ එහෙම මතයක් තියනවා
Deleteකසාද බැඳපු දවසක කියන්නම්. එතකම් සුභ නව වසරක් වේවා!
ReplyDeleteමතක තියන් ඉන්නවා ඔන්න උඹ බඳිනකන්...විස්තරේ අහ ගන්න
Deleteඕවා පුතේ මැහුම් කපනකන් විතරයි.
ReplyDeleteඑහෙම කිව්වට ඊට කලින් මැහුම් කැඩෙන්නත් පුලුවන්...
2013 සුභ වේවා !
ඉවසන් ඉන්න බැරි ගොයියොත් ඉන්නවා නේ ඉතින්...
Deleteඅපේ බයෝ සර් නම් කිව්වෙ දරුව ලැබෙන වෙලාවට ලේබර් රූම් වල කුණුහරුප විමානයයි කියල....
ReplyDelete"#@%^*( #$&()2%$^(..............."
අනේ මන්දා....තාම පොඩි එකා නොවැ...
ඒක ඇත්ත ... උඹ පොඩි ඒකා .. මීට අවුරුදු 20 කට විතර කලින්
Deleteඔය මතය වැරදියි මලේ...සිසර් කලා කියල එහෙම හානියක් නෑ. ඕක බොරු කථාවක්. කොහොමද දන්නේ කියල අහන්න එපා... ඒත් ටක්කෙටම දන්නවා.
ReplyDeleteසීසර් ද නෝමල් ද ?.. හිතා ගන්න පුළුවන් මට.... :P
Deleteසීසර් අපේ ඉටු දෙයියෙක් තමා. නැත්නම් ඉතින් අර කොහෙටද පොල් කඩනවා වගේලූඌඌඌඌඋ....
ReplyDeleteසුබ නව වසරක් වේවා මචං....
ඔව් ඔව්...නිකන් මොකටද බන් ශබ්ද දුෂණය කරන්නේ...
Deleteමම - අඩේ! එහෙමත් වෙනවද?
ReplyDeleteමානවක - ඔව් බං, එහෙම වෙනවා..
මම - සැහ්, මම ඒක දැනගෙන හිටියෙ නැහැනෙ, හැබැයි කොහොම උනත් මම දීපු උත්තරේ හරි එතකොට..
මානවක - ඔව් ඔව්..
මොකක්ද යකෝ චැට් පිටින් මේකේ දාන්නේ...
Deleteප්‍රශ්නේනම් දන්නේ නෑ අප්පා...ඒත් කතාවනම් මරු...
ReplyDeleteඕක ඇත්ත කතාවක්...
Delete