බුකියේ මං

34 සීසර්

මේ සීසර් නම ඇහුන ගමන්ම අපිට මතකෙට එන්නේ කවුද?.හ්ම්ම්ම් අර දක්ෂ රෝමානු සෙනෙවියා,නැත්තන් අර සූර පප්පා එකේ විදියට ක්ලියෝපැට්රා ගේ හබියා.එහෙමත් නැත්තන් ෆිනෑන්ස් කරලා වාහන අරන් වාරික ගෙවන්න කල් පහු කරන අයගේ මාරයා.අර දරු උපතකදී කරන සැත්කම .අහ්හ් තව කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා.හා හා දැන් කට්ටියගේ කටවල් කන ගාවට ඇවිත් දිවවල් බුරිය ගාවට ඇවිත් ඇති නේ.හේතුව හොයාගන්න නම් ඉතින් අන්තිම වෙනකන්ම කියවන්න වෙනවා.


ජුලියස් සීසර් ගැන , වාහන සීසර් ල ගැන ඒවගේම සීසර් සැත්කම ගැන මම අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ කට්ටිය දන්නවනේ.ඉතින් කොහොමද සීසර් "කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා" වෙන්නේ.මේක තමයි සමාජ ගවේෂක මානවකගේ අලුත්ම සමාජ විද්‍යාත්මක සොයා ගැනීම.වැඩියය ආලවට්ටන් නැතුව ලේසියෙන්ම කියන්න පුළුවන් සරල සංසිද්දියක්.    

සීසර් කොහොමද කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා වෙන්නේ ?පුරුදු විදියටම කතාවකින්ම විස්තර කරන්නම්කො. 

ඔන්න තරුණ ගෑණු ළමයෙක් ළඟදි මව් පදවිය ලැබුවා…ඉතින් ඒ දවසෙ මේ ළමයට කම්කරු වේදනාව(ලේබර් පේන්) ගොඩක් දැනිලා…ඒත් දෙය්යන්ගෙ පිහිටෙන් කරදරයක් නැතිව ලස්සන කෙලි පැටික්කියෙකුත් මේ ලෝකෙට ආව.ඒත් අලුත් අම්මගෙ හිතේ තිබ්බෙම ඉතින් අර වේදනාව තමයි.වරදක් හිතන්න එපා දරුවත් එක්ක තරහින් නෙවේ ඒත් අරක තමා හිතේ…

(ඒක ගොඩක් වේදනාකරි අත්දැකීමක්.අම්මලා දරුවන්ට ගොඩක් ආදරේ වෙන්න එක හේතුවක් කියලයි මම හිතන්නේ )

ඉතින් ඔන්න අලුත් අම්මගේ අම්මල එහෙම ආවලු අලුත් මිණිපිරීයි දුවවයි බලන්න….ඉතින් මෙයා අම්මට හරිම දුකෙන් කිව්වලු…අනේ මම නම් ආයේ නම් අරයට මගේ ඇගට අත තියන්න දෙන්නෙත් නෑ ළමයි හදන්නෙත් නෑ කියලා….(ඒ මොකක්ද කියල මගෙන් අහන්න එපා ඕන්.)

ඉතින් මේක අහන් හිටිය අම්මා හරිම නිවුනු ස්වරයෙන් කිව්වලු..

ඕවා පුතේ මැහුම් කපනකන් විතරයි…. කියලා…   

කතාව ඉවරයි.තෑගී නැති ප්‍රශ්නය...  

සීසර් කොහොමද කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා වෙන්නේ ? 
Comments
34 Comments

34 comments:

  1. ඔයා කියන්නේ සීසර් සත්කම් නිසා මහත්වරුන්ට බිරින්දෑවරුන්ගෙන් බැනුම් අහන්න වෙන එක අඩු වෙනවා කියලද... හි හි....නැත්තම් බැනුම් කෝටියයි නේ තමුසේ හින්දා තමයි මට මෙහෙම උනේ කියලා... හි හි

    සීසර් සැත්කමේ වාසි සහ අවාසි තියෙනවා.. මාත් සීසර් සැත්කමකින් මෙලොව එළිය බලපු එකෙක් නේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. මමත් ඉපදිලා තියෙන්නේ සීසර් සැත්කමකින්.අපේ අම්මා නම් කිව්වේ මම ඉපදෙනවා කියල දීපු දවසට වැඩිය සතියක් විතර පරක්කු වෙච්ච නිසා අම්මව සීසර් කරා කියලා.ඒකමද මන්දා මට දැන්වත් වෙලාවට වැඩක කරන්න බැරි :P

      ප්‍රශ්නෙට උත්තරේ Lasitha Sandaruwan Disanayake උඩින් දීල තියනවා

      Delete
  2. බුදු අම්මෝ ප්‍රශ්නත් අහල ....මේවට දැන් ඉතින් උත්තර දීපල්ලකෝ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න හිතට එන එක කියල දාන්න....

      Delete
  3. Aiyo kathavak kiyavann aave meya pasnayak ahala ne anthimata.
    Uththare hiru akka deela ne thiyenne

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහනවා මේවා සාමාන්‍ය දැනීම.

      ප්‍රශ්නෙට උත්තරේ Lasitha Sandaruwan Disanayake උඩින් දීල තියනවා.

      Delete
  4. හික්ස්! ඒත් අමාරුයි මම නම් දන්න විදිහට... ;)

    ReplyDelete
    Replies
    1. තව වතාවක් උත්සාහ කරන්න....

      Delete
  5. උත්තර දන්නේ නැතෝ
    සුබ අලුත් අවුරුද්දක් !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...එසේම වේවා

      Delete
  6. මානවකයත් පොඩි සිදුරු වලට කැමති හැඩයි. අනේ යකෝ දොස්තරට කියල තව මැහුං දෙකක් දාගනිංකෝ හොඳට හිරට.සිසර් කළාම ගෑනියෙක් විඳින දුක අපමණයි.

    ReplyDelete
    Replies
    1. මම මේ තාම තනිකඩය වෙච්චි හිරද ලූස්‌ ද කියල දන්නේ නෑ...මම අහල තියන දෙයක් තමයි ලිව්වේ......

      Delete
  7. බුහ්හා...... තොට මොලේ කොලොප්පන්ද.....
    ඔය එපා කිව්වට ඒයාල සීසර් නැත්තන්.... බ්ලෙඩ් එකෙන් හරි මැහුන් කපල ඇදල දාල දන ගාගෙන එනවා... ( ළු )

    ReplyDelete
    Replies
    1. හෑ....මීයෝ....අත්දැකීම්ද කතා කරන්නේ...ඔය කිව්වම තව කතාවක් අමතක් උනා...අර ගෑනි මිනිහට කියන්නේ "ඒයි බලනවකෝ කොට කාලක් වත් ඉතුරු වෙලා නැද්ද කියල"... :P

      Delete
  8. කාලෙකින් ආවේ ........ මෙන්න ය‍කෝ ‍මූත් ප්‍රශ්න අහන්න අරන්

    ReplyDelete
    Replies
    1. ප්‍රථම සහ අවසාන වතාවට එකක් ඇහුවේ...

      Delete
  9. දවසක් අපේ පොරක් කිව්වා සිසේරියන් සැත්කම කියලා ඒකට නම ලැබුණේ ඒ සැත්කම මුලින්ම කළේ සීසර්ගේ අම්මාට කරපු නිසා කියලා

    ReplyDelete
    Replies
    1. අහ්හ් හොයල බලන්න ඕනෑ Wikipedia එකේ ඔය ගැන

      Delete
  10. තෑගිත් එපා ප්‍රශ්නත් එපා.ප්‍රශ්නෙට උත්තරේ අදාළ තැනට හානියක් නැතීවීම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . සමහර අය අතරේ එහෙම මතයක් තියනවා

      Delete
  11. කසාද බැඳපු දවසක කියන්නම්. එතකම් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මතක තියන් ඉන්නවා ඔන්න උඹ බඳිනකන්...විස්තරේ අහ ගන්න

      Delete
  12. ඕවා පුතේ මැහුම් කපනකන් විතරයි.

    එහෙම කිව්වට ඊට කලින් මැහුම් කැඩෙන්නත් පුලුවන්...

    2013 සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. ඉවසන් ඉන්න බැරි ගොයියොත් ඉන්නවා නේ ඉතින්...

      Delete
  13. අපේ බයෝ සර් නම් කිව්වෙ දරුව ලැබෙන වෙලාවට ලේබර් රූම් වල කුණුහරුප විමානයයි කියල....
    "#@%^*( #$&()2%$^(..............."
    අනේ මන්දා....තාම පොඩි එකා නොවැ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ... උඹ පොඩි ඒකා .. මීට අවුරුදු 20 කට විතර කලින්

      Delete
  14. ඔය මතය වැරදියි මලේ...සිසර් කලා කියල එහෙම හානියක් නෑ. ඕක බොරු කථාවක්. කොහොමද දන්නේ කියල අහන්න එපා... ඒත් ටක්කෙටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. සීසර් ද නෝමල් ද ?.. හිතා ගන්න පුළුවන් මට.... :P

      Delete
  15. සීසර් අපේ ඉටු දෙයියෙක් තමා. නැත්නම් ඉතින් අර කොහෙටද පොල් කඩනවා වගේලූඌඌඌඌඋ....
    සුබ නව වසරක් වේවා මචං....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...නිකන් මොකටද බන් ශබ්ද දුෂණය කරන්නේ...

      Delete
  16. මම - අඩේ! එහෙමත් වෙනවද​?
    මානවක - ඔව් බං, එහෙම වෙනවා..
    මම - සැහ්, මම ඒක දැනගෙන හිටියෙ නැහැනෙ, හැබැයි කොහොම උනත් මම දීපු උත්තරේ හරි එතකොට​..
    මානවක - ඔව් ඔව්..

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ චැට් පිටින් මේකේ දාන්නේ...

      Delete
  17. ප්‍රශ්නේනම් දන්නේ නෑ අප්පා...ඒත් කතාවනම් මරු...

    ReplyDelete

හිතුනේ මොනවද?