බුකියේ මං
46 හාරත හේරා (අතිශයින්ම Adults Only)
Labels:
රොමැන්ටික්
ඔන්න කිව්ව විදියටම පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස දෙන්න හිතුවා.මන්දා කලින් ලිව්වා එකට වැඩිය මේක ලියන්න ටිකක් අමාරු උනා.මොකද ශ්රුන්ගාරයටත් වඩා මට මේකේ යටි පෙලට ඇතුලත් කරන්න උවමනා වෙලා තිබ්බ කතාව නිසා.අනේ මන්ද මට නම් මේ කවි ටික ගැන ලොකුවට සැහීමකට පත්වෙන්න බෑ.නිකන් මදි මදි වගේ.ඔන්න උඩින්ම දැම්මා මේ ලේබලේ බලන අය බලන්න නොබලන අය ආවටත් වැඩිය ඉක්මනට හැරිලා යන්න.මොකුත් කියන්නේ නෑ.බනින ඒවා යටින් බැනල යන්න.ඔන්න කලින්ම කිව්ව මේක තමයි මම මේ ජාතියෙන් ලියන අන්තිම කවිය.
අවසානයට හෝරා දෙකකටත් කලින්
ඇවිදින් හොරෙන් තරු රූ දෙස දෙනෙත් තුලින්
සිත් බැඳ මැවූ රන් රුව වියකෙන කඳුලින්
අපි සැගවෙමුද නාදුනනා දෙනෙත් වලින්
ඉවසනු කොහොම කළුවර උනේ නෑ තාම
හිත ගිනිවදී ඉදිරිය ගැන සිතුවාම
නුඹේ නෙත් දෙකේ විලියෙන් පිරි හේබෑම
සගවාගන්න මම ඉවසන් ඉනු කෝම
සමන්පිච්ච මල සුවඳයි නුඹගේ වත
දිලිහෙයි රෑක තරුවිලසට නිල් දෙනෙත
හිතටත් හොරෙන් එබිකම් කල නුරා මත
ආදරයෙන් ඔකඳ කළා තරුණ හිත
සත්සර මැදින් අපේ ලෝකය අඳුරු වෙන
මගේ නෙත් සොයයි හැම අහුමුලු හතර කොන
කොටුකර මුර දමා තිබුනත් මුල්ම දින
නුඹ බය නොවෙන් මේ ජය බිම මලවි එන
නෙක තරු මවන චල රූ දෙස බලන නියා
නුඹ ගැන සිති මට පොඩ්ඩක් තරහ ගියා
ඔය පොඩි තෝඩු ගලවා පැත්තකින් තියා
මගේ සඳ ඇවිත් උකුලේ පායන්න ඔයා
හංසයෝ රෑන ඉගිලෙන්නට වෙර දරන
දුරකින් ඇහුනා උන්ගේ හඬ ඉකි බිඳින
පසෙකට දමා සිරකුටි උන් සිරකරන
මට ඉඩ දෙන්න විඳගන්නට උන් වරුණ
හිත පිනවනා සුවඳක් දැනෙනවා නිබඳ
එය විඳ ගතිමි තොල් කන්පෙති සහ ළමැද
පෙම්හිත මගේ නොදැනිම වීදෝ ඔකඳ
මට ඉඩදෙන්න සනසන්නට නුඹ සබඳ
නිම්නද කොත්ද එකසේ අහසට නැගුන
මම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින
තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන
දියබත් කළා උල්පත් නොකියම ගලන
පියඹනවා වගේ දැනුනා අහස ගැඹ
චුම්බනයක් විඳිනා විට පහන් ටැඹ
ආදරයෙන් පිරිමැද මගේ නළල සිඹ
තව ලං වෙලා ඉන්නකෝ මට සොඳුර නුඹ
ආදරයේ උල්පත් හෙමිහිට පීරා
සියොළඟ සලිත වන හැඟුමන් දී තෝරා
කිසිදා දුර නොයමි මම ඔබේ හිත පාරා
නුඹ බිය නොවෙන් මම නුඹේ හාරත හේරා
Subscribe to:
Post Comments (Atom)
කියෝපු වෙලාවේ අවුලක් ද මංදා මට හිනා ගියා...
ReplyDeleteමං හිතන්නේ මගේ අවුලක්...
සොරි....
ආ තව මට එයාවත් මතක් උනා..
එයා කිවුවේ අරයා..
උඹ වගේ අයට තමයි කියන්නේ ඇසු පිරූ තැන් ඇති මිනිස්සු කියලා....
Delete(අරයා කියන්නේ කවුද බන්)
පුහ්හ්හ්... තරියා ගේ කොමෙන්ටුව දැක මට හතර හිනා ලු ඈ
Deleteඕන් මන් කියෙව්වෝ. හරි හමන් කමෙන්ට් එකක් දාන්න මේක දහ දොලොස් පාරක් කියවලා එන්නම්
ReplyDeleteඅපොයි ලබන අවුරුද්දේ බඳින්න ඉන්න එකෙක් නේද ?
Deleteහික් හික්... 22+. මෙයාටත් ලියන්න එන අදහස්. නියමයි නියමයි.
ReplyDeleteමොකක් 22+ මේවා හරිනම් 16+ වෙන්න ඕනෑ.
Deleteඅපි තාම පොඩි ලමයි අෆ්ෆ.මේව තේරෙන්නෙ නෑ.
ReplyDeleteවෙලාවට...වෙලාවක් නෑ...අම්මප වැඩිහිටියන්ට පමණයි කියල තියෙද්දිත් බලපු ලස්සන විතරක්...
Deleteහිකිස්...
ReplyDeleteඋඹ අහිංසක බව දන්නවා..තරුවෝ...
Deleteෆට්ට කවි පොකුර
ReplyDeleteයුක්තිය අ.පේලිය
තැන්කු යුක්ති මේ පැත්තේ ආවට...(නම හරියට ශබ්ද කරාද බලපාන්)
Deleteමට මේවා තේරෙන්නේ නැහැ අෆ්ෆා
ReplyDeleteමුගෙ කටේ සූප්පුවක් ගහපන් මානවක :P
Deleteසුප්පුවක් ගහල මදි .. මුව දරුකමට හදා ගන්න ඕනෑ...
Deleteහැපෝයි.............. ලස්සන කවි ටික :D
ReplyDeleteකෝ බලන්න මුණ....
Delete//නිම්නද කොත්ද එකසේ අහසට නැගුන
ReplyDeleteමම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින
තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන
දියබත් කළා උල්පත් නොකියම ගලන//
හම්මියෝ බලන්ඩකො මෙයා :D
බලහන්කො මුගේ කතා හිත මේකේ මෙච්චර කවි තියනවා මුට මේකම අහුවෙච්ච හැටි...;)
Deleteපොඩි හින්දද මන්දා මුකුත් තේරුනේ නෑනේ...
ReplyDeleteතව ටිකක් ලොකු උනාම ඇවිත් බලන්න...දැනට ලින්ක් එක මතක තියාන ඉන්න(මම හිතන්නේ අනිද්දට වගේ :P)
Deleteමට නම් මේ කවි සෙට් එක වල් හිතකින්මයි බැලුවේ බං. එහෙම බලද්දී නම් බලද්දී තමා නියමෙට තේරෙන්නේ. ;)
ReplyDelete'නිම්නද කොත්ද එකසේ අහසට නැගුන
මම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින
තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන
දියබත් කළා උල්පත් නොකියම ගලන..' මෙන්න හොදටම හිත ගිය තැන.. ;)
පස්ටයි ඕයි!! ව්‍යංගයෙන් දීලා තියෙන්නේ ඔය අගේට
ReplyDeleteතැන්කු තැන්කු
Deleteඋපමා ටික තව ටිකක් සැර උනාට කමක් නෑ බං.. උඹ ඕනවට වඩා සභ්‍ය වෙන්න දගලපු බව මුළු කවිය පුරාවටම පේන්න තියනවා..
ReplyDeleteකවිය ලස්සනයි... මේවගේ එව්ව ලියද්දි සිතුවිළි නිදහසේ ගලන්න ඉඩ දීපන්..
මටත් එහෙම හිතුනා බන්..කලින් ඒවත් එක්ක බලනකොට මේක අසාර්ථකයි වගේ.
Deleteබොහොම අගේට හැගීම් පෙළ විස්තර කරලා තියෙනවා... අගෙයි...
ReplyDeleteඒ උනාට මට මේක හිතට මදි...
Deleteදැන් මෙයා මෙවුවමයි ලියන්නේ ඈ...
ReplyDeleteහාකෝ හාකෝ
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මේ අන්තිම එක..අයෙ ලියන්නේ නෑ .මේ වගේ ඒවා..වැදගත් එව්වා විතරයි ලියන්නේ .. :P
Deleteඅපූරු කවි පෙළක්,හැමදාම වගෙ මේ සැරෙත් නියමෙටම ලියලා තියෙනවා
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීමට...කලින් ඒවා තරම් හොඳ නැද්ද මන්ද මේක..
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්... හ්ම්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්.....හ්ම්ම්ම්ම්..
Deleteමට හිතෙනවා මේක එල කියල...
ReplyDeleteනිර්මාණශීලී හැකියාවට 100% දෙන්න වටිනවා...:D
එකෙන්ම...:D
Deleteසිරා මේකනම්..
ReplyDeleteතැන්කු වේවා..කිව්වා...
Deleteඅල්විස් පෙරේරගෙ සමන්මලීගෙ ජපන් බැලුම් මතක් වුණා.
ReplyDeleteඅඩේ ඒ මොකක්ද ඒ පුළුවන් නම් කවි ටික හොයල දෙනවද...පින්
Deleteආ.....තල්....ව්‍යංගය නම් මේවාය.....
ReplyDeleteඅනිවා..අනිවා..
Deleteඋත්කෘශ්ටයි, ශ්‍රේෂ්ටයි, අද්විතීයයි, අසභ්‍ය නැහැ......
ReplyDeleteකොටින්ම කියනවනම් මරු ......!!!
වචනෙන් වචනෙට හිනා යනවා... අනේ මංදා ඇයිද කියලා... රූමි හිතනව ඇති මට පිස්සු කියලා
ReplyDeleteලස්සනයි කවි පෙළ. හරිම ලස්සනයි
කාලෙකින් මේක මතක් වෙලා බලන්න ආවා..
ReplyDelete💐