බුකියේ මං

46 හාරත හේරා (අතිශයින්ම Adults Only)


ඔන්න කිව්ව විදියටම පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස දෙන්න හිතුවා.මන්දා කලින් ලිව්වා එකට වැඩිය මේක ලියන්න ටිකක් අමාරු උනා.මොකද ශ්රුන්ගාරයටත් වඩා  මට මේකේ යටි පෙලට ඇතුලත් කරන්න උවමනා  වෙලා තිබ්බ කතාව නිසා.අනේ මන්ද මට නම් මේ කවි ටික ගැන ලොකුවට සැහීමකට පත්වෙන්න බෑ.නිකන් මදි මදි වගේ.ඔන්න උඩින්ම දැම්මා මේ ලේබලේ බලන අය බලන්න නොබලන අය ආවටත් වැඩිය ඉක්මනට හැරිලා යන්න.මොකුත් කියන්නේ නෑ.බනින ඒවා යටින් බැනල යන්න.ඔන්න කලින්ම කිව්ව මේක තමයි මම මේ ජාතියෙන් ලියන අන්තිම කවිය.         



අවසානයට හෝරා දෙකකටත් කලින්
ඇවිදින් හොරෙන්  තරු රූ දෙස දෙනෙත් තුලින්
සිත් බැඳ මැවූ රන් රුව වියකෙන කඳුලින්
අපි සැගවෙමුද  නාදුනනා දෙනෙත් වලින්  

ඉවසනු කොහොම කළුවර උනේ නෑ තාම
හිත ගිනිවදී ඉදිරිය ගැන සිතුවාම
නුඹේ නෙත් දෙකේ විලියෙන් පිරි හේබෑම
සගවාගන්න මම ඉවසන් ඉනු කෝම

සමන්පිච්ච මල සුවඳයි නුඹගේ වත
දිලිහෙයි රෑක තරුවිලසට නිල් දෙනෙත
හිතටත් හොරෙන් එබිකම් කල  නුරා මත
ආදරයෙන් ඔකඳ කළා තරුණ හිත

සත්සර මැදින් අපේ ලෝකය අඳුරු වෙන
මගේ නෙත් සොයයි හැම අහුමුලු හතර කොන
කොටුකර මුර දමා තිබුනත් මුල්ම දින
නුඹ බය නොවෙන් මේ ජය බිම මලවි එන

නෙක තරු මවන චල රූ දෙස බලන නියා
නුඹ ගැන සිති මට පොඩ්ඩක් තරහ ගියා
ඔය පොඩි තෝඩු ගලවා පැත්තකින් තියා
මගේ සඳ ඇවිත් උකුලේ පායන්න ඔයා

හංසයෝ රෑන ඉගිලෙන්නට වෙර දරන
දුරකින් ඇහුනා උන්ගේ හඬ ඉකි බිඳින
පසෙකට දමා සිරකුටි උන් සිරකරන
මට ඉඩ දෙන්න විඳගන්නට උන් වරුණ

හිත පිනවනා සුවඳක් දැනෙනවා නිබඳ
එය විඳ  ගතිමි තොල් කන්පෙති සහ ළමැද
පෙම්හිත මගේ නොදැනිම වීදෝ ඔකඳ
මට ඉඩදෙන්න සනසන්නට නුඹ සබඳ 

නිම්නද කොත්ද  එකසේ අහසට නැගුන
මම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින  
තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන 
දියබත් කළා උල්පත්  නොකියම ගලන 

පියඹනවා වගේ දැනුනා අහස ගැඹ   
චුම්බනයක් විඳිනා විට පහන් ටැඹ  
ආදරයෙන් පිරිමැද මගේ නළල සිඹ 
තව ලං වෙලා ඉන්නකෝ මට සොඳුර නුඹ 

ආදරයේ උල්පත්  හෙමිහිට පීරා 
සියොළඟ සලිත වන හැඟුමන්  දී තෝරා 
කිසිදා දුර නොයමි මම ඔබේ හිත පාරා 
නුඹ බිය නොවෙන් මම නුඹේ හාරත හේරා 



Comments
46 Comments

46 comments:

  1. කියෝපු වෙලාවේ අවුලක් ද මංදා මට හිනා ගියා...
    මං හිතන්නේ මගේ අවුලක්...
    සොරි....
    ආ තව මට එයාවත් මතක් උනා..
    එයා කිවුවේ අරයා..

    ReplyDelete
    Replies
    1. උඹ වගේ අයට තමයි කියන්නේ ඇසු පිරූ තැන් ඇති මිනිස්සු කියලා....

      (අරයා කියන්නේ කවුද බන්)

      Delete
    2. පුහ්හ්හ්... තරියා ගේ කොමෙන්ටුව දැක මට හතර හිනා ලු ඈ

      Delete
  2. හිංචි මල්ලිDecember 14, 2012 at 5:07 PM

    ඕන් මන් කියෙව්වෝ. හරි හමන් කමෙන්ට් එකක් දාන්න මේක දහ දොලොස් පාරක් කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. අපොයි ලබන අවුරුද්දේ බඳින්න ඉන්න එකෙක් නේද ?

      Delete
  3. හික් හික්... 22+. මෙයාටත් ලියන්න එන අදහස්. නියමයි නියමයි.

    ReplyDelete
    Replies
    1. මොකක් 22+ මේවා හරිනම් 16+ වෙන්න ඕනෑ.

      Delete
  4. අපි තාම පොඩි ලමයි අෆ්ෆ.මේව තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට...වෙලාවක් නෑ...අම්මප වැඩිහිටියන්ට පමණයි කියල තියෙද්දිත් බලපු ලස්සන විතරක්...

      Delete
  5. Replies
    1. උඹ අහිංසක බව දන්නවා..තරුවෝ...

      Delete
  6. ෆට්ට කවි පොකුර
    යුක්තිය අ.පේලිය

    ReplyDelete
    Replies
    1. තැන්කු යුක්ති මේ පැත්තේ ආවට...(නම හරියට ශබ්ද කරාද බලපාන්)

      Delete
  7. මට මේවා තේරෙන්නේ නැහැ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. මුගෙ කටේ සූප්පුවක් ගහපන් මානවක :P

      Delete
    2. සුප්පුවක් ගහල මදි .. මුව දරුකමට හදා ගන්න ඕනෑ...

      Delete
  8. හැපෝයි.............. ලස්සන කවි ටික :D

    ReplyDelete
  9. //නිම්නද කොත්ද එකසේ අහසට නැගුන
    මම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින
    තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන
    දියබත් කළා උල්පත් නොකියම ගලන//

    හම්මියෝ බලන්ඩකො මෙයා :D

    ReplyDelete
    Replies
    1. බලහන්කො මුගේ කතා හිත මේකේ මෙච්චර කවි තියනවා මුට මේකම අහුවෙච්ච හැටි...;)

      Delete
  10. පොඩි හින්දද මන්දා මුකුත් තේරුනේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ලොකු උනාම ඇවිත් බලන්න...දැනට ලින්ක් එක මතක තියාන ඉන්න(මම හිතන්නේ අනිද්දට වගේ :P)

      Delete
  11. මට නම් මේ කවි සෙට් එක වල් හිතකින්මයි බැලුවේ බං. එහෙම බලද්දී නම් බලද්දී තමා නියමෙට තේරෙන්නේ. ;)

    'නිම්නද කොත්ද එකසේ අහසට නැගුන
    මම වෙමි සුළඟ එය මන්මත් වී සිඹින
    තුහිනද ලඳු කැලෑ ආදරයට හඬන
    දියබත් කළා උල්පත් නොකියම ගලන..' මෙන්න හොදටම හිත ගිය තැන.. ;)

    ReplyDelete
  12. පස්ටයි ඕයි!! ව්‍යංගයෙන් දීලා තියෙන්නේ ඔය අගේට

    ReplyDelete
  13. උපමා ටික තව ටිකක් සැර උනාට කමක් නෑ බං.. උඹ ඕනවට වඩා සභ්‍ය වෙන්න දගලපු බව මුළු කවිය පුරාවටම පේන්න තියනවා..

    කවිය ලස්සනයි... මේවගේ එව්ව ලියද්දි සිතුවිළි නිදහසේ ගලන්න ඉඩ දීපන්..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා බන්..කලින් ඒවත් එක්ක බලනකොට මේක අසාර්ථකයි වගේ.

      Delete
  14. බොහොම අගේට හැගීම් පෙළ විස්තර කරලා තියෙනවා... අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මට මේක හිතට මදි...

      Delete
  15. දැන් මෙයා මෙවුවමයි ලියන්නේ ඈ...
    හාකෝ හාකෝ
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ අන්තිම එක..අයෙ ලියන්නේ නෑ .මේ වගේ ඒවා..වැදගත් එව්වා විතරයි ලියන්නේ .. :P

      Delete
  16. අපූරු කවි පෙළක්,හැමදාම වගෙ මේ සැරෙත් නියමෙටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට...කලින් ඒවා තරම් හොඳ නැද්ද මන්ද මේක..

      Delete
  17. හ්ම්ම්ම්ම්ම්ම්ම්... හ්ම්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්.....හ්ම්ම්ම්ම්..

      Delete
  18. මට හිතෙනවා මේක එල කියල...
    නිර්මාණශීලී හැකියාවට 100% දෙන්න වටිනවා...:D

    ReplyDelete
  19. සිරා මේකනම්..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා..කිව්වා...

      Delete
  20. අල්විස් පෙරේරගෙ සමන්මලීගෙ ජපන් බැලුම් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ මොකක්ද ඒ පුළුවන් නම් කවි ටික හොයල දෙනවද...පින්

      Delete
  21. ආ.....තල්....ව්‍යංගය නම් මේවාය.....

    ReplyDelete
  22. උත්කෘශ්ටයි, ශ්‍රේෂ්ටයි, අද්විතීයයි, අසභ්‍ය නැහැ......
    කොටින්ම කියනවනම් මරු ......!!!

    ReplyDelete
  23. වචනෙන් වචනෙට හිනා යනවා... අනේ මංදා ඇයිද කියලා... රූමි හිතනව ඇති මට පිස්සු කියලා

    ලස්සනයි කවි පෙළ. හරිම ලස්සනයි

    ReplyDelete
  24. කාලෙකින් මේක මතක් වෙලා බලන්න ආවා..
    💐

    ReplyDelete

හිතුනේ මොනවද?