බුකියේ මං

32 මැකිලාද දේදුන්න

මේකත් මගේ උසස් පෙල උසස් පෙළ කේවල ව්‍යාපෘතිය වෙච්ච  "යලි එන්න වසන්තය" කියන කාව්‍ය සංග්‍රහයේ තිබුන කවියක්.මම මේ කවි පොත ගැන කිව්වා කලින් සමනල පාලම කියන පොස්ට් එකේ.අනේ මන්දා අවුරුදු 9 කට පස්සේ මේවා අයෙත් කියවනකොට ඒ දවස් වල මම ඉඳල තියෙන්නේ මොනවගේ මානසික තත්වෙකද කියල හිතා ගන්න බෑ.ලාවට දුක හිතෙනවත් එක්ක අප්පා.ඒ වගේ දුකක්.ඇයි දෙවියනේ මම එදාට වැඩිය දසකෙකින්ම වයස පොරක් නේ. මේකත් 2003 සැප්තැම්බර් මාසේ දවසක ලියපු එකක්.හරියටම මට දවස මතක නෑ.     

සුමුදු මල් පරව ගිය 
එක ළවැලි තලාවක
සුළඟ පමණයි ඉතුරු 
ඉරිතැළුන බිම පිසින  

සංසාර පුරුද්දට 
හැමදාම සිත දිව්ව
ගං දෑල සිඹන් ගිය 
ගඟ සොඳුරු කොතැන අද

වෙනදාට පිනි වැස්සේ 
තෙමි තෙමී ගී ගැයුව
මගේ හිත පිනවාපු
විහඟුනේ කොහිද නුඹ 

පෙරදාක නෙක මලින් 
සුළගේ සුව මුහු කෙරුව 
හීනවල පාට ගත්
උයන් වතු කෝ කොතැන 

දඟකාර සමනල්ලු 
අහසේ සෙල්ලම් කෙරුව 
අනන්තෙට හිත ගියපු 
මැකිලාද දේදුන්න 

වියරු වැල්ලෙන් කෙවී
කඳුළු ගංගා ගලන 
නෙත් දෙකින් මවන්නම් 
වැහිවලා තීරයම 

ප.ලි - පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස ලඟම ළඟදීම   බලාපොරොත්තු වන්න. 
Comments
32 Comments

32 comments:

  1. හෝ හෝ කවිකාරයෝ සෑහෙන්ට. පරන කවිකාරයෝ... නියමයි මානවක පුත්තරයා...

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන්න පරණ කවිකාරයෙක්.....

      Delete
  2. මම කැමතිම පද ටිකක්..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු...ඒ උනාට මම කැමතිම කවි ලිස්ට් එකේ ලිහිනිගේ කවියකුත් තියනවා...

      Delete
  3. සරලත්වය සමහර වෙලාවට සන්කීර්නත්වය පරයනව. හොඳම උදාහරනය මානවක. කවි පන්ති 2කම කියෙව්ව ඔන්න :)

    මානවක අර ෆේස්බුක් කමෙන්ට් දාන ගැජට් එක එල්ල ගත්තෙ කොහොමද කියන්නකෝ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමී.මගේ හිතට මාර විදියට වැදුන කොමෙන්ටුවක්.


      ෆේස්බුක් කොමෙන්ටු ගත්තේ ට්‍රික්ස් ලංකා එකෙන් හැබැයි සමහර default blogger theme වලට වැඩ කරන්නේ නෑ.

      http://www.trickslanka.com/blogging-tricks/blogger/facebook-comment-box-with-blogger-comments/

      Delete
  4. ඒ කිව්වේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද කිව්වේ? කවුද කිව්වේ?

      Delete
  5. Replies
    1. තැන්ම තැන්කු හොඳේ...!!!!!!!! :P

      Delete
  6. මේක බැලුවම නම් හිතෙන්නෙ ඉස්සර නම් ඔයාට පිස්සු තිබිලා නැහැ කියලා තමයි.:පී

    ලස්සන කවිටික මානවකයො.

    ReplyDelete
    Replies
    1. මේ මට දැනුත් පිස්සු නෑ කියල මම හිතනවා හරිය...

      Delete
    2. ඔයැයි එහෙම හිතුවට වැඩක් තියෙනවැයි,අපි දන්නවනෙ ඔයැයිට පිස්සුය කියල.:පී

      Delete
  7. ඔන්න මමත් ආවා මේ පැත්තේ.අඳුරු වුනාට හරි ලස්සනයි..කවීත්වය හොඳයි..ආයෙත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට....මේ දවස වල නත්තල් හින්දා ලයිට් දාල තියෙන්නේ අඳුරු නෑ.... ;)

      Delete
  8. ප්‍රොජෙක්ට් එක කරන කාලෙත් බූට් කාලද හිටියේ ? :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද ? ඒ කාලේ මට කෙල්ලෙක් හිටියේ වත් නෑ.

      Delete
  9. මේ කවෙත් එතරම්ම නුපුරුදු බවක්නම් පෙනෙන්න නැනේ අනේ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැන් ලිය වෙන්නේ වෙන වෙන ඒවානේ .

      Delete
  10. අහා හයියෝ මම එන්න පරක්කුයි :) හිකිස්

    මානවක අයියේ හැමදාම වගේ කවි ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.......පරක්කු උනාට අව්ලක් නෑ..මේ උත්සව කාලෙනේ..

      Delete
  11. උසස් පෙළ කේවල ව්‍යාපෘතියට වාණිජ කරපු මම ලිව්වෙ නිසදැස්... කෝ ඒක පාසලේ ව්‍යාපෘති පුස්තකාලෙ රදවගෙන නොවැ... මට දෙන්න බෑ කියනවා...තිබ්බා නම් ඒකෙනි දෙක තුනක් දාන්න තිබුනා... ඒ දවස් වල මගේ කවි සිත බොහොම බලවත්... දැන් නම් ෆුල් අබ්ලික්...

    ReplyDelete
    Replies
    1. මම නම් කරේ උස්සලා දැම්මා . මොකද මම දැනගෙන හිටියා ඔය පරණ ප්‍රොජෙක්ට් වලට වෙන්නේ මොනවද කියලා

      Delete
  12. අවුරුදු නවයකට විතර කලින් ලියපු ඒවා මෙහෙම නම් දැන් ලියන කවි කොහොම හිටිවිද කියල මම කල්පනා කළේ..ඒවත් දාන්න බලන්න මම කවියට නම් කැමතියි. මේ කවියේ මුල්ම කොටසේ"ලබැදි" යන වචනය වෙනුවට "ළවැලි" යන වචනය යෙදිම නිවැරදිය.

    ReplyDelete
    Replies
    1. කිව්ව වෙනස් කම කරා අයියේ...මම හිතන්නේ දැන් තමයි තවත් කවිය පරිපුර්ණ වෙන්නේ...බොහොම පින් වෙනස්කම ගැන කිව්වට...

      Delete
    2. උඹ වෙනස්කම් කරා කිව්වට ඒක බාගෙටයි කරලා තියෙන්නේ ,,වචනේ හරියට ලියපන් නැත්නම් වෙන තේරුමක් එන්නේ. දයා අයියා ලියලා තියෙන විදිහටම ළවැලි කියන එක ලියපන්. එකම වචනයක 'ල' කාරය දෙතැනක යෙදේ නම් මුලින් යෙදෙන්නේ මූර්ධජ 'ළ' වේ

      Delete
    3. දැන් හරියෝ.....

      Delete
  13. ,යකඩෝ ගං දෑල තියේ නම් ගඟ නැතිවෙන්න විදිහක් නෑනේ. පොඩ්ඩක් බලපන් ඇස් දෙක ඇරලා.

    කවිපද ටික අපූරුයි මචං. මේ කවිපෙළ කියවනකොට මට මතක් වුනේ රත්න ශ්‍රීගේ වස්සානය කියන කවි පන්තිය. උඹට නම් ගිම්හානය වගෙයි.

    ReplyDelete
    Replies
    1. ගඟ ගලපු තැන තියනවා ගඟ නෑ...වස්සානය කියන්නේ මම ආසම කවි පන්තිය...ඒ දවස වල වගේම මම දැනුත් අනුගමනය කරන්නේ ඒ වස්සානය කවිවල ශයිලිය....

      Delete

හිතුනේ මොනවද?