බුකියේ මං

57 පුරුදු කාරයාගේ කවිය.... (18+)

මම කලින් ලිව්ව බඹසර කවියට ලැබුණු ඉමහත් පාටක ප්‍රතිචාර නිසා හිතුව ලියන්න තවත් ඒ ආරෙම කවියක්.ඇත්තම කියනවනම් මේක කලින් කවියේ මුල් කොටස වෙන්න ඕනෑ.ඒත් ඉතින් හොලිවුඩ් ෆිල්ම් ගහන්නෙත් කතාව මුලින් ගහල ආරඹේ දෙවෙනියට දෙන එක නේ...මම මේකට පුරුදු කාරයාගේ කවිය කියල  නම දැම්මේ පෙනෙන යටි අර්තෙටත් වැඩිය තව එකක් ඇතුලේ තියන නිසා .කොහොම උනත් මේක මගෙන් ලියවිච්ච තවත් වෙනස් විදියේ කවියක් .මේකේ සැඟවුණු යටිපෙළ තේරෙනවද බලන්න.මම අදහස් කරේ අපිට තේරෙන දේට යටින් තියන එක. 
   





වැටකේ මල් සුවඳ සුළගින් මග හැඳින
තැන තැන බිම් තබුරු මල් පාවඩ මතින
චල රූ මැදින් පෙම් සිතුවිලි කිති කවන
සැගවෙමු අපිත් පොඩි හෙවනක හිරු නොඑන

නුපුරුදු නුහුරු හින්දද ඔතරම් ඈත

බය වෙන්නෙපා නොහරිමි මම ඔය දෑත
ඈතින් එන සුළඟ කරනවා සියොලග සීත
මට ගුලිවෙන්න නැහැ දෙනෙතක් ලග පාත

වෙව්ලන මගේ දෙතොලට නොදැනෙන පහස

දැනුනා නුඹ ගෙලේ කෙහෙරල්ලක ගැවස
රොබරෝසියා තොල් පෙති නිවනවා පවස 
තව කල් තියේ මගේ සඳ වෙන්නට සවස

හරි සුසිනිදුයි නුඹේ කන්පෙති සරා සඳ

මම විඳිනකන් නුඹ නොසැලී ඉන්නවද
හදවත් අපේ එක රිද්මෙට  ගැහෙන සඳ
දැනුනා පුරුදු සුව සුසුමන් ගගක් මැද

සිරකර තියෙන සුසිනිදු හංසයෝ රෑන

විමසයි ලගින්නට හද විල ලග පේන
විලියෙන් ආදරෙන් කෝලං ඉගි පාන
නෙත් දෙක පියවුනා අවසර කැන්දාන

සදවත පමා වෙන්නට කලියෙන් නුඹට

අතහැර යමුද අපේ ලෝකය තැනු අවට
තව මොහොතක් ඉන්ට නුඹ කියනා ලෙසට
ලන්වෙනවාද විඳිනට නුඹේ සුවඳ  මට


ප-ලි : මේකට (18+) දැම්මේ නිකන් වගේ.ඒ උනාට යටි පෙළත් එක්ක ගත්තම ගැලපෙනවා.  
Comments
57 Comments

57 comments:

  1. මං තේරුම හොයන්න ගිහින් කවි ටික රස වින්දා උපරිමෙන්...
    අන්තිම කවි දෙකේ තේරුම නම් කාට කාටත් වැටහෙයි මයේ හිතේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තේරුනා කියල සුවර්ද? :p

      Delete
  2. මටත් තේරුනාද මන්දා මොකක් හරි..:)ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අව්ලක් නෑ....එළනේ...

      Delete
  3. හරිම අපුරුයි සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති සහෝ... :)

      Delete
  4. ශා...ශා...ඔය තියෙන්නෙ..කියන්න ඕනෙ ටික ඔක්කොම කියලා...හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කිව්වේ නෑ . දෙවෙනි කොටසට ටිකක් ඉතුරු කරා...

      Delete
  5. හදවත් දෙකම එක ආරෙට ගැහෙන සඳ
    හුස්ම පොදත් එක ආරෙට ගැනෙන සඳ
    එකවිට දෙවිට උඩ පහළට යනෙන සඳ
    නොතේරුනෙමි අවසන් කෙඳිරියේ රඟ

    මන් තාම පුංචි එකා වෙච්චි ... මට ඔව්වා තේරෙන්නේ නෑ බොල... මානවක අයියේ..

    - කිරි සප්පයා @ අන්තිම පේලිය -

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොග පැත්තෙ ගියා. හිස් අතින් හැරිල එන්න උණා. මොකේ බන් ඒ??

      Delete
    2. මේ ටිකේ වැඩ වැඩී සමී.. දෙසැම්බර් කන්නෙලිය චාරිකාව සමඟ තමයි පටන් ගන්න හිතන් ඉන්නේ.. බොහොම ස්තූතියි ඒ පැත්තේ ආවාට

      Delete
    3. ඔය උඹේ කතා හිත . මෙතන එච්චර දෙයක් වෙන්නේ නෑ...

      Delete
  6. "හරි සුසිනිදුයි නුඹේ කන්පෙති සරා සඳ
    මම විඳිනකන් නුඹ නොසැලී ඉන්නවද"

    හරිම සියුම්
    ඒ වගේම අත්දැකීම බහුලයි :D

    ReplyDelete
    Replies
    1. පුරුදුකාරයෙක් නේ කියන්නේ...

      Delete
  7. මට මතක් උනා මහරගම ස්ටේශන් එක.........

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේ වැඩි පැය ගාණක් ගෙවපු තැනක් නිසා.. මම කැමතියි තරියට එහෙම හිතුනේ ඇයි කියලා දැන ගන්න

      Delete
    2. අර දෙනෝදාහක් ගැවසෙන තැන තෝ අනාචාරේ හැසිරුනාද... යකෝ බොදු බලසේනා උපත ඔතන ..

      Delete
    3. එක්කෝ තරියා එහෙම ඉඳල තියනවා . නැත්තන් නොමිලේම චිත්තර පටියක් බලල තියනවා.

      Delete
    4. මේ බ්ලොග් ලෝකෙ ඉන්න සුරූපී තරුණියක් එක්ක මං දවසක් ගියා මහරගම ඉස්ටේසමට....
      මට ඒක මතක් උනා......

      Delete
  8. ලාවට වගේ තේරුණා..

    ReplyDelete
  9. මටනම් තේරුනේ නැද්ද මන්දා..මොනවා උනත් පට්ට

    ReplyDelete
    Replies
    1. 18 ට අඩු අයට ටිකක් තේරෙනවා හොරයි.. :ප

      Delete
  10. Replies
    1. එකෙන්ම .. එකෙන්ම .. පරණ දේවල් මතක වෙනවද ? :)

      Delete
  11. සිරා කවි ටික.. තව ටිකක් වැඩ දාලා ලියන්න තිබ්බේ බං .. කියවන උන්ට ගැස්සිලා ගැස්සිලා යන්න

    ඉෆ් යූ නෝව් වට් අයි මීන්

    ReplyDelete
    Replies
    1. මම එහෙම ලියන්නත් හදල පස්සේ හිතුවා මේක කවි සීරිස් එකක් විදියට ලියන්න.මේක පලවෙනි එකැ නිසා වැඩ අඩුවෙන් ලිව්වේ.

      Delete

  12. එළනේ ඕයි ..තව ටිකක් රස්නේ එන්න
    දාන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. රස්නේ දෙන්නම් දෙවෙනි කොටසින්..... :)

      Delete
  13. Replies
    1. එකෙන්ම එල...දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න......

      Delete
  14. නීතියෙන් සඳ මා හා ගැට ගසන තුරු..
    තව කල් තියේ සඳ කරගන්න මටම හුරු....
    අත් නොහැරියත් කිසි දින නුඹ මියුරු...
    විලේ ගැඹුර නොසොයමු, එයයි නුවණට හුරු....

    ReplyDelete
    Replies
    1. මේකේ තේරුම හරියට තේරිලා නෑ වගේ........

      Delete
  15. කවි පෙළ නම් ඉතාමත් අනර්ඝයි....එයින් කියවෙන විදියට මේ බඹරා හොද අත්දැකීම් ඇති එකෙක්..
    //දැනුනා පුරුදු සුව සුසුමන් ගගක් මැද //
    ඔන්න ඔය නිසයි එහෙම හිතුනෙ...

    ReplyDelete
    Replies
    1. අඩේ උබට විතරයි බන් තේරුනේ හරියටම....ඒ නිසා ඔන්න ලගදීම මේකේ දෙවෙනි කොටසත් දෙනවා......

      Delete
  16. උඹේ වල් සිතුවිලි හරි අපූරුවට කවි සිතුවිලි කරලා තියෙනවා. මඝ මානවක වගේ උඹත් දිව්‍ය ලෝකේ යනවා මේ කරගන්න පින්වලින්.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි දිව්‍ය ලෝකෙත් බ්ලොග් තියනවද? :D ...

      Delete
  17. අකුරු සේරම කොටු වැටිලනේ. මොකද බන් ඒ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...වෙන්න බෑ...අහ්හ්...18 ට අඩුයි නේද?

      Delete
  18. වැටහුණා වැටහුණා.....
    තව වැඩ දාල ලීවනම්,කට්ටියව හොල්ලල අත හරින්න තිබ්බා... :D
    ලස්සනයි හොදේ...

    ReplyDelete
    Replies
    1. තව වැඩ දානවා දෙවෙනි කොටසට ...

      Delete
  19. මොකක් හරි අවුලක්. මගෙ බ්ලොග් රෝලෙ මේක නැතිවද මට මිස් වුනේ..

    හොදයි නිර්මානය

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද...තැන්කු ප්‍රසංසාවට.... :D ...

      (උඹලගේ පැත්තේ මුද තියනවා නෙව)

      Delete
  20. හිංචි මල්ලිDecember 6, 2012 at 8:51 AM

    දැන් ඉතින් හොයපල්ලකෝ යටි පෙල අනේ ඔය පෙළ මේකට යටින් කමෙන්ටුවක් විදිහටවත් දාකෝ

    ReplyDelete
    Replies
    1. එතකොට අගේ යනවනේ බන්....

      Delete
  21. හතර පස් පාරක්ම කියෙව්වා.. මට තේරුණාටත් වඩා දෙයක් තියේද දන්නෙ නෑ.... :D හික්ස්ස්ස්

    කොහොම වුනත් ලස්සන කවි පෙළ.. ආදරේ ශෘංගාරය රාගය ගැන අමු අමුවේ ලියලා දානවාට වඩා මෙහෙම ව්‍යංගයෙන් වගේ ලියද්දි හරි ලස්සනයි කියලා හිතුනා..:)

    ReplyDelete
    Replies
    1. ඔයා මොනවද මේ වගේ තැනක් කරන්නේ ?
      යන්න ගෙදර ...කෝ කෝ ...

      Delete
    2. ගොඩක් කට්ටියට නොතේරෙන දේ මම පොස්ට් එකක් විදියට දානවා අනිත් කවියත් දැම්මම...

      Delete
    3. silentsahan-ඇයි මේ වගේ තැනක්??? :O අපිට මෙහෙ හොද නැද්ද??? :D

      Delete
    4. හයියෝ දරුවෝ ඔහොම ඇහුවම අහන්න ඕන
      ඔතොකොට ඔයා මොකද මෙතන කරන්නේ
      කියල...:D
      ඔයා හරි හිත්වක්කාරයි අනේ..

      Delete
  22. මට නිකම් ලාවට වගේ සෙක්සුවල් ගතියක් දැනුනා
    අනේ මන්දා බොල මම තාම පොඩි එකා නොවැ

    ReplyDelete
    Replies
    1. උබේ කැත හිත බන්..
      ඒකයි ඒ..

      Delete
    2. ඒක තමයි මේකේ කොහේද සෙක්සුවල්...

      Delete

හිතුනේ මොනවද?