බුකියේ මං

58 බඹසර (අතිශයින්ම Adults Only)

මේක කියවලා මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා ඔන්න.කුණුහරපයක් උනත් කියන්න පුළුවන් තව ක්‍රම තියනවා.සුරුන්ගාරත්මකද මොකක්ද කියන්නේ ඉතින් මමත් ඔය ටික දවසකට කලින් උත්සාහ කරපු එකක් තමයි.හැබැයි මොනවා කිව්වත් මේක පොඩිම උන් ඒ කිව්වේ 18 ට අඩු උන් නොබලනවානම් ගොඩක් හොඳයි.


සඳ වැටිලා නිල් දිය මත අඳුරු නියා
සඳ කිඳුරිය මාගේ විල් දියට ගියා
මොළකැටි නුඹේ දෙතොල මතින් දෙතොල තියා
ආදරයෙන් සිප ගන්නද සොඳුර ඔයා


නුරා නෙතින් නුඹ මා දෙස බලනවද
මාගේ සුසුමේ උණුහුම් පොදි විඳිනවද
දුහුල් සේල උදුරා විසි කරන සඳ
හෙමින් හිමින් මගේ තුරුලට ඇදෙනවද


නෑඹුල් නුඹේ ලයමත මගෙ පොපියවන
දෙතොල තියා සුව දෙන්නද නෙතු පියෙන
ආල නුරා සුසුමන් මුවගින් ගලන
අපි ගෙන යාවි දුර ඈතක සඳ නොයෙන


සුරතින් පිරිමැදලා දිය බිඳු නුබේ වරලේ
ගෙල වට තියන්නද මම චුම්බන මාලේ
අතුරා විල් ඉවුර මත්තෙන් සුදු සේලේ
වඩින්න සඳවතිය රජ දැකුමට ආලේ


ගත මත රැඳුනු දිය බිඳු හැම මැකෙන්නට
සිපගමි නුඹේ සියොළඟ හිරි වැටෙන්නට
නුඹේ මතින් සැතපී සුව දැනෙන්නට
ඉතින් අවසරද බඹසර බිදින්නට


දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? කියවල ඉවරනේ බනින එකත්  මෙතනම බැනල ගියානම් හොඳයි.
Comments
58 Comments

58 comments:

  1. කවිත් එල.. අළුත් ලුක් එකත් පට්ට ඈ.. සුපිරියි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට විතරයි කිව්වත් හරි රජා එතන උබත් හදපන් මේ වගේ එකක්

      Delete
  2. අඩේ සිරා කවිය.. උබේ බ්ලොග් එකේ දකපු හොඳම එක කිව්වත් අව්ලක් නෑ

    මේකේ කොථනද යකෝ කුණුහරුප තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ නේ බන් මේ මිනිස්සු.විවිදාකරයි නේ.

      Delete
  3. දැං ඉතිං වෙන කුමක් කරන්නද????
    පටං ගත්තු වැඩේ ඉවර කරලා දාන්ට අප්පා..

    ReplyDelete
  4. දැන් කාගේද උබ මේ බබසර බිදින්න යන්නේ ?

    කොහෙද බං මේකේ කුණුහරුප ටික තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට විතරයි මේකේ කුණුහරප පෙන්නේ...

      Delete
  5. බනින්න තරම් දෙයක් නෑ බං! හොඳට ලියවිලා තියෙනවා

    ReplyDelete
  6. ලස්සනට කියපු කුණුහරප... කෝ වැඩේ මගින් නවත්තලානේ....
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. මගින් නවත්තපු වැඩේ බලන්න අහවල් එකක් බලපන්.ඒවායේ මේ ටික නැතුව මම නවත්තපු තැනින් පටන් අරන් තියෙන්නේ.

      Delete
  7. හිංචි මල්ලිAugust 29, 2012 at 6:53 PM

    හිංචි මල්ලි ආමි
    කවිය කියෙව්වෙමි
    කුණුහරුපු නොදුටිමි
    බට ලයිට් නිවුනි

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි උබේ බට ලයිට් නිවුන කිව්වම...

      Delete
  8. "චුම්භන මාලයක් පළඳා මගේ ගෙලේ
    සුසුම් සේල සළු අතුරන් මගේ ගතේ
    සතපවා මෙමා ඔබේ උණුසුම් ඔය දෑතේ
    වඩින් මගේ ලොවට කුමරුනි හොර රහසේ...."

    කවිය මරු අයියේ.. ජය වේවා!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි .. රිප්ලයි කවිය පට්ට පට පට....

      Delete
  9. shah mama kudaramak gahuwa :)
    (muttaya)

    ReplyDelete
    Replies
    1. එකේ අහන්නත් දෙයක් තියනවද?

      Delete
  10. පිස්සු බම්ප් වෙනවා ඈ! එල!

    ReplyDelete
    Replies
    1. වැඩිය බම්ප් කර ගන්න එපා..තාම මුල් ටික නේ

      Delete
  11. මාවත් නරක් කරනවා උබ.....

    ReplyDelete
    Replies
    1. වෙන එකෙක් කිව්වනම් දරා ගන්න තිබුනා ඒත් උඹ....:ප

      Delete
  12. එළමඑළ උබ ලස්සනට ලියනවා මචෝ

    ReplyDelete
  13. කළුපාට පසුබිමේ රතුපාට අකූරැ කියවන්න අමාරයි , සමහරක් විට මගේ කබල් මොනිටරය හන්දාද දන්නැ, මගේ අධික වෙහෙසකර ඇස්දෙක හන්දා වෙන්නත් පුළුවන් , තව කාගෙන්හරි අහලා මොනවා හරි කොරහං

    ReplyDelete
    Replies
    1. මටත් එක හිතුනා ඔන්න වෙනස් කරා.....

      Delete
  14. මට තාම වයස මදි මේක බලන්න. හොරෙන් බැලුවා.

    ReplyDelete
    Replies
    1. හොලා...මොටෝ බැලුවේ....

      Delete
  15. අපි නරක්වෙනව මේව කියවල!

    ReplyDelete
    Replies
    1. අපි නරක්වෙනව මේව කියවල! නැත්තන් අපි තවත් නරක්වෙනව මේව කියවල! එහෙමද?

      Delete
  16. බ්ලොග් එකේ තීම් එක ගති!!! කවි ටිකත් ගති.. ශෘංගාරාත්මකයි!! :D

    ReplyDelete
    Replies
    1. තැන්කුයි හොඳේ..අදමද මන්ද මේ පැත්තේ......?

      Delete
  17. ඔහොම ගිහින් බඹසර බිඳ බිඳ දිනක.....
    හරිහැටි එකෙකුගෙන් බිඳෙන්නේ උබේ කොන්ද.....
    හිකිස්‌...

    ReplyDelete
    Replies
    1. මට තාම තේරුම ගන්න බැරි උඹට මාත් එක්ක තියන ප්‍රශ්නය මොකක්ද කියලා.උඹ කරන්නේ උපහාසය නෙවෙයි අපහාසය කියන එක නොතේරෙන්න මම ළදරුවෙකුත් නෙවෙයි අනේ මන්දා?

      Delete
  18. පබළු වලින් සැදි මාලය ගෙල පළඳා...
    රන් කෙන්දකින් අතැඟිලි අපෙ එක්වුණුදා...
    කඳුළ මැදින් සිනහව මට හිමි කරලා...
    සුදු අසු පිටින් ඔබ යනවද මා කැන්දා...

    ReplyDelete
  19. පට්ට කවි ටික
    කුණුහරප උනත් මේ විදිහට කියද්දී ඒවගේ අමුතු මෙව්වා එකක් තියෙනවා.අනික ඔව්ව කොරන්න හොද නම් ලස්සනට කවි කරලා කිව්වම මොකෝ වෙන්නේ :)

    ReplyDelete
  20. සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
    නුරා පෙම් යහනාවෙ පිච්ච මල් අතුරන්න
    රණ හසුන් සැතපෙනා නිම්නයේ සැතපෙන්න
    පිරුවටය මත හෙමින් රතු තිලක තවරන්න

    අදමද මංදා ආවේ මෙහෙට, මේක දැකලා මටත් මෙහෙම ලියන්න හිතුනා ලස්සන්යි පද ටික බොහොම ශෘංගාරාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට බොහොම ඉස්තුතියි.කවියට ඊට වැඩිය ඉස්තුතියි......රිප්ලයි කවිය මාරම මාර ලස්සනයි

      Delete
  21. කුණු හරුප කියන ඒවා කියන්නාට සහ අසන්නාට අනුව සාපේක්ෂ වේ . ‍මේ නිසා ඒවා හොඳින් හා නරකින් කිව හැක. කවිය ලස්සනයි. වයංගර්තය කියන දේ පාවිච්චි නොකර කියන ලස්සන සරල පද ටිකක්.

    ReplyDelete
    Replies
    1. වයංගර්තය කියන දේ පාවිච්චි කරානම් මෙච්චර දැනෙන එකක් නෑ සමහර විට

      Delete
  22. මමමේ ආවද මන්දා....ආපු ගමන් හොල්මන් වෙලා ගියා...පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ඉස්තුතියි.මුනට වතුර ටිකක් එහෙම ගා ගන්න..

      Delete
  23. ඕනම දෙයක් සුන්දර හිතකින් බලන්නත් පුළුවන්, කැත හිතකින් බලන්නත් පුළුවන්. මේක හරිම සුන්දරයි..... රොමෑන්ටික් කිවුවොත් හරි මම හිතන්නෙ.
    හරියට නිකම් සමන් ජයනාත්ගෙ බිසරු ලියන් මැද සින්දුව වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනට.කවිය වින්ද එකනම් ලොකුම සතුටක්

      Delete
  24. එල ...හැබැයි මේක උඹ කලින් පබලිස් කොරපු කවියක් නේද?
    DongaAyya

    ReplyDelete
  25. බනින්නේ මක්කටෙයි අප්පේ...ඔය ලස්සනට තියෙන්නේ

    ReplyDelete
  26. මේක තමා මන් ආසම කවිය.

    ReplyDelete
  27. යන්තම් අහස කළු කරලා වහින්නට
    ගත් විට මෝල් වේ මේ මානවකයාට
    ලියලා ඇවිස්සුව නම මෙහි සිටිනා රෑන
    දිගටම ලියාපන් නැත්නම් මේ අඩවිය මොකට

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මටනම් මෙහි 18+ නොමැත වගේ
    එනමුදු හිරිමල් සිත පොපියනා අගේ
    විඳිනා විට ඔබෙ කවි පද රාගේ
    සතුටක් දැනෙයි මුලු ගතටම වාගේ

    ReplyDelete

හිතුනේ මොනවද?