මේක කියවලා මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා ඔන්න.කුණුහරපයක් උනත් කියන්න පුළුවන් තව ක්රම තියනවා.සුරුන්ගාරත්මකද මොකක්ද කියන්නේ ඉතින් මමත් ඔය ටික දවසකට කලින් උත්සාහ කරපු එකක් තමයි.හැබැයි මොනවා කිව්වත් මේක පොඩිම උන් ඒ කිව්වේ 18 ට අඩු උන් නොබලනවානම් ගොඩක් හොඳයි.
සඳ වැටිලා නිල් දිය මත අඳුරු නියා
සඳ කිඳුරිය මාගේ විල් දියට ගියා
මොළකැටි නුඹේ දෙතොල මතින් දෙතොල තියා
ආදරයෙන් සිප ගන්නද සොඳුර ඔයා
නුරා නෙතින් නුඹ මා දෙස බලනවද
මාගේ සුසුමේ උණුහුම් පොදි විඳිනවද
දුහුල් සේල උදුරා විසි කරන සඳ
හෙමින් හිමින් මගේ තුරුලට ඇදෙනවද
නෑඹුල් නුඹේ ලයමත මගෙ පොපියවන
දෙතොල තියා සුව දෙන්නද නෙතු පියෙන
ආල නුරා සුසුමන් මුවගින් ගලන
අපි ගෙන යාවි දුර ඈතක සඳ නොයෙන
සුරතින් පිරිමැදලා දිය බිඳු නුබේ වරලේ
ගෙල වට තියන්නද මම චුම්බන මාලේ
අතුරා විල් ඉවුර මත්තෙන් සුදු සේලේ
වඩින්න සඳවතිය රජ දැකුමට ආලේ
ගත මත රැඳුනු දිය බිඳු හැම මැකෙන්නට
සිපගමි නුඹේ සියොළඟ හිරි වැටෙන්නට
නුඹේ මතින් සැතපී සුව දැනෙන්නට
ඉතින් අවසරද බඹසර බිදින්නට
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? කියවල ඉවරනේ බනින එකත් මෙතනම බැනල ගියානම් හොඳයි.
කවිත් එල.. අළුත් ලුක් එකත් පට්ට ඈ.. සුපිරියි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වැඩිහිටියන්ට විතරයි කිව්වත් හරි රජා එතන උබත් හදපන් මේ වගේ එකක්
Deleteඅඩේ සිරා කවිය.. උබේ බ්ලොග් එකේ දකපු හොඳම එක කිව්වත් අව්ලක් නෑ
ReplyDeleteමේකේ කොථනද යකෝ කුණුහරුප තියෙන්නේ
කියන්න බෑ නේ බන් මේ මිනිස්සු.විවිදාකරයි නේ.
Deleteදැං ඉතිං වෙන කුමක් කරන්නද????
ReplyDeleteපටං ගත්තු වැඩේ ඉවර කරලා දාන්ට අප්පා..
නැතුව නැතුව....... :ප
Deleteදැන් කාගේද උබ මේ බබසර බිදින්න යන්නේ ?
ReplyDeleteකොහෙද බං මේකේ කුණුහරුප ටික තියෙන්නේ ?
පොඩි උන්ට විතරයි මේකේ කුණුහරප පෙන්නේ...
Deleteබනින්න තරම් දෙයක් නෑ බං! හොඳට ලියවිලා තියෙනවා
ReplyDeleteතැන්කු හොඳේ....
Delete:)
ReplyDelete:) ;) :D
Deleteලස්සනට කියපු කුණුහරප... කෝ වැඩේ මගින් නවත්තලානේ....
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
මගින් නවත්තපු වැඩේ බලන්න අහවල් එකක් බලපන්.ඒවායේ මේ ටික නැතුව මම නවත්තපු තැනින් පටන් අරන් තියෙන්නේ.
Deleteපට්ටය :)
ReplyDeleteඑලස් ය :D
Deleteහිංචි මල්ලි ආමි
ReplyDeleteකවිය කියෙව්වෙමි
කුණුහරුපු නොදුටිමි
බට ලයිට් නිවුනි
අහන්නත් සන්තෝසයි උබේ බට ලයිට් නිවුන කිව්වම...
Delete"චුම්භන මාලයක් පළඳා මගේ ගෙලේ
ReplyDeleteසුසුම් සේල සළු අතුරන් මගේ ගතේ
සතපවා මෙමා ඔබේ උණුසුම් ඔය දෑතේ
වඩින් මගේ ලොවට කුමරුනි හොර රහසේ...."
කවිය මරු අයියේ.. ජය වේවා!! :)
තැන්කුයි .. රිප්ලයි කවිය පට්ට පට පට....
Deletepastai ela!!!
ReplyDeleteතැන්කු හොදේ
Deleteshah mama kudaramak gahuwa :)
ReplyDelete(muttaya)
එකේ අහන්නත් දෙයක් තියනවද?
Deleteපිස්සු බම්ප් වෙනවා ඈ! එල!
ReplyDeleteවැඩිය බම්ප් කර ගන්න එපා..තාම මුල් ටික නේ
Deleteමාවත් නරක් කරනවා උබ.....
ReplyDeleteවෙන එකෙක් කිව්වනම් දරා ගන්න තිබුනා ඒත් උඹ....:ප
Deleteඑළමඑළ උබ ලස්සනට ලියනවා මචෝ
ReplyDeleteතැන්කු වේවා... :D
Deleteකළුපාට පසුබිමේ රතුපාට අකූරැ කියවන්න අමාරයි , සමහරක් විට මගේ කබල් මොනිටරය හන්දාද දන්නැ, මගේ අධික වෙහෙසකර ඇස්දෙක හන්දා වෙන්නත් පුළුවන් , තව කාගෙන්හරි අහලා මොනවා හරි කොරහං
ReplyDeleteමටත් එක හිතුනා ඔන්න වෙනස් කරා.....
Deleteමට තාම වයස මදි මේක බලන්න. හොරෙන් බැලුවා.
ReplyDeleteහොලා...මොටෝ බැලුවේ....
Deleteඅපි නරක්වෙනව මේව කියවල!
ReplyDeleteඅපි නරක්වෙනව මේව කියවල! නැත්තන් අපි තවත් නරක්වෙනව මේව කියවල! එහෙමද?
Deleteබ්ලොග් එකේ තීම් එක ගති!!! කවි ටිකත් ගති.. ශෘංගාරාත්මකයි!! :D
ReplyDeleteතැන්කුයි හොඳේ..අදමද මන්ද මේ පැත්තේ......?
Deleteඔහොම ගිහින් බඹසර බිඳ බිඳ දිනක.....
ReplyDeleteහරිහැටි එකෙකුගෙන් බිඳෙන්නේ උබේ කොන්ද.....
හිකිස්...
මට තාම තේරුම ගන්න බැරි උඹට මාත් එක්ක තියන ප්රශ්නය මොකක්ද කියලා.උඹ කරන්නේ උපහාසය නෙවෙයි අපහාසය කියන එක නොතේරෙන්න මම ළදරුවෙකුත් නෙවෙයි අනේ මන්දා?
Deleteපබළු වලින් සැදි මාලය ගෙල පළඳා...
ReplyDeleteරන් කෙන්දකින් අතැඟිලි අපෙ එක්වුණුදා...
කඳුළ මැදින් සිනහව මට හිමි කරලා...
සුදු අසු පිටින් ඔබ යනවද මා කැන්දා...
ආයෙත් අහනවා... :D
Deleteපට්ට කවි ටික
ReplyDeleteකුණුහරප උනත් මේ විදිහට කියද්දී ඒවගේ අමුතු මෙව්වා එකක් තියෙනවා.අනික ඔව්ව කොරන්න හොද නම් ලස්සනට කවි කරලා කිව්වම මොකෝ වෙන්නේ :)
තව වෙන මොනවද?
Deleteසුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
ReplyDeleteනුරා පෙම් යහනාවෙ පිච්ච මල් අතුරන්න
රණ හසුන් සැතපෙනා නිම්නයේ සැතපෙන්න
පිරුවටය මත හෙමින් රතු තිලක තවරන්න
අදමද මංදා ආවේ මෙහෙට, මේක දැකලා මටත් මෙහෙම ලියන්න හිතුනා ලස්සන්යි පද ටික බොහොම ශෘංගාරාත්මකයි.
ගොඩ වැදුනට බොහොම ඉස්තුතියි.කවියට ඊට වැඩිය ඉස්තුතියි......රිප්ලයි කවිය මාරම මාර ලස්සනයි
Deleteකුණු හරුප කියන ඒවා කියන්නාට සහ අසන්නාට අනුව සාපේක්ෂ වේ . මේ නිසා ඒවා හොඳින් හා නරකින් කිව හැක. කවිය ලස්සනයි. වයංගර්තය කියන දේ පාවිච්චි නොකර කියන ලස්සන සරල පද ටිකක්.
ReplyDeleteවයංගර්තය කියන දේ පාවිච්චි කරානම් මෙච්චර දැනෙන එකක් නෑ සමහර විට
Deleteමමමේ ආවද මන්දා....ආපු ගමන් හොල්මන් වෙලා ගියා...පට්ට ඈ....
ReplyDeleteමේ පැත්තේ ආවට ඉස්තුතියි.මුනට වතුර ටිකක් එහෙම ගා ගන්න..
Deleteඕනම දෙයක් සුන්දර හිතකින් බලන්නත් පුළුවන්, කැත හිතකින් බලන්නත් පුළුවන්. මේක හරිම සුන්දරයි..... රොමෑන්ටික් කිවුවොත් හරි මම හිතන්නෙ.
ReplyDeleteහරියට නිකම් සමන් ජයනාත්ගෙ බිසරු ලියන් මැද සින්දුව වගේ
බොහොම ඉස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනට.කවිය වින්ද එකනම් ලොකුම සතුටක්
Deleteඑල ...හැබැයි මේක උඹ කලින් පබලිස් කොරපු කවියක් නේද?
ReplyDeleteDongaAyya
බනින්නේ මක්කටෙයි අප්පේ...ඔය ලස්සනට තියෙන්නේ
ReplyDeleteමේක තමා මන් ආසම කවිය.
ReplyDeleteයන්තම් අහස කළු කරලා වහින්නට
ReplyDeleteගත් විට මෝල් වේ මේ මානවකයාට
ලියලා ඇවිස්සුව නම මෙහි සිටිනා රෑන
දිගටම ලියාපන් නැත්නම් මේ අඩවිය මොකට
This comment has been removed by the author.
ReplyDeleteමටනම් මෙහි 18+ නොමැත වගේ
ReplyDeleteඑනමුදු හිරිමල් සිත පොපියනා අගේ
විඳිනා විට ඔබෙ කවි පද රාගේ
සතුටක් දැනෙයි මුලු ගතටම වාගේ