බුකියේ මං

53 මගේ සොහොන


මරණය  අත්  දැකල තියනවද..නැත්තන් මරණයේ වේදනාව දැනිල තියනවද?...මරණ බය දැනිල තියනවද?
ජීවිතේ තුන්වෙනි වතාවටත් ඒක වින්දා.
පලවෙනි වතාවට ඩෙංගු හැදිලා දවස් 16 ක සුන්දර ICU හෝටලේ නතර වෙලා ඉන්න කොට.දෙවෙනි එක එහෙම හිටිය එකා සති දෙකක් යන්න කලින් batch get එකේ හරකෙක් වගේ බීල ලේ වමනේ දාපු පාර.
තුන්වෙනි වතාව මේ ඉතාම ආසන්න දවසක.
      
ගැස්ට්‍රික් හැදුන කියන්නේ එකේ අමාරුව කොහොමද කියල කට්ටිය දන්නවා ඇතිනේ.මොනවා කරන්නද නින්ද යන්නෙත් නෑ අමාරුවට. 
කල්පනා කරකර ඉන්න කොට හිතුන මම මේ වගේ වෙලා හදිස්සියේ මැරුනොත් මගේ සොහොන කොහොම හදාවිද කියල.ඒ නිසා දැන්ම මගේ සොහොන හැදෙන්න ඕන හැටි කියල තිබ්බොත් හොදයි කියල හිතුන.
මොකෝ මැරුණට පස්සේ පේනවය කියලයි.

සරලයි.

1.හැඩය සමචතුරශ්‍රය විය යුතුය.
2.උඩින් ලොකුවට මගේ නම.
3.පින්තුරයක් 

4.පුංචි කවියක්. (මම දැනටමත් ඒක ලියල තියෙන්නේ )     

සැ.යු - උපත විපත අනවශ්‍යයි.      

නිකන් පහල තියන පින්තුරේ වගේ එකක් .

















යටින් වැටෙන්න ඕන කවිය තමයි  


මිලින උනත්
අකලට
වසන්තයේම
වෙන මලක සුවඳ
ලෙසින් හෝ
එමි
නුඹ ළඟට
ගිම්හානයට පෙර………



ප.ලි - හරියන පින්තුරයක් තමයි තාම හොයා ගන්න බැරි උනේ..මම හිතන් ඉන්නේ එකට තරගයක් තියන්න.... ..


හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
Comments
53 Comments

53 comments:

  1. ගැස්ට්‍රයිටිස් හැදුණාම වෙන දේ නම් මතක් කරන්න එපා. 2008 මට අමාරු වුණු වෙලේ මාත් හිතුවේ මළාම තමා කියලා....

    ReplyDelete
    Replies
    1. මේක උනේ මම දවසෙම බඩගින්නේ ඉදල බීපු දවසක....ගොඩක්ම මම බය උනේ වමනෙත් එක්ක ලේ ගිහිපු නිසා එත් පස්සේ තේරුනා මේ ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා ආමාශයේ ඇති වෙන තුවාල නිසා කියල.හැබැයි බය වෙච්ච බය විල්ලට ආයේ බොන්නේ නෑ කියල හිතා ගත්තා.(දවස් දෙකකට විතර)

      Delete
  2. හ්ම්ම්... මැරුණට පස්සේ කරන්න ඕනේ දේවල් ටික දැම්ම ලියලා තියෙන එක හොඳයි තමා.. :)

    ReplyDelete
    Replies
    1. මොන වේලාවේද කියල කියන්න පුළුවන් කාටද ?

      Delete
  3. නියමයි මටත් එකක් ලියලා දෙන්නකෝ බන් අනේ !!! මම කිව්වේ කවියක්
    කරුමෙට මම කන කෑමට ගෑස් ට්‍රයිටිස් නෑ මම බොන්නෙත් නෑ xD
    ජය !!!

    ReplyDelete
    Replies
    1. පින් දෙන්න දෙවියන්ට...ලෝකේ තියන ලොකුම වේදනාව එන්නේ ගෑස් ට්‍රයිටිස් හැදුනම..කවියක් නේද ?

      කැකුලක
      සැඟවෙන
      තෙක්
      නැවත
      හැරයමි
      ජීවනකුසුම
      සුවඳ
      මම

      Delete
  4. බොන්ඩ එපා යකෝ... :ඩී :D :D :D

    ReplyDelete
    Replies
    1. මට මේ :D :D :D ටික එච්චර ඇල්ලුවේ නෑ

      Delete
  5. Replies
    1. දන්නවා
      නොවේද
      දියඹට
      ගියත්
      රළ
      ආයෙමත්
      එන
      බව
      වෙරළට

      Delete
    2. පෙරලි පෙරලි
      එන රළ
      ඇවිත් හැපි
      වෙරළක
      සිඳී බිඳී
      යන සඳ
      මොකට අඬනවද
      යලි එනකොට...

      Delete
    3. හඬන
      සිත
      සුසුම්
      හඬ
      දෙවන
      විට
      නින්නාද
      රල
      දියට
      මුහුවෙයිද
      හිත
      පුලින
      ප්‍රාසාද

      Delete
  6. දැන් කොහෙද මේක හදන්න ඕන ?

    ReplyDelete
    Replies
    1. තැන යතා කාලයේදී දැනුම දෙන්නම් .....

      Delete
  7. උඹ බොන්න සෙට් කරලද බං මැරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. නැතුව..ඒවායින් අඩුවක් කරන්නේ නෑ.මම මගේ මළගෙදර සඳහා විනෝද අරමුදලක් පිහිටුවන්න ඉන්නේ ... :D

      Delete
  8. සමචතුරස්‍රව තිබ්බම ඇතිද???

    ReplyDelete
    Replies
    1. ටිකක් උස උනාට ගානක් නෑ ..... :D

      Delete
  9. අයියෝ මචෝ....

    නුඹට නොහැගේද මරණින් පසු හෝ නුඹේ ඔය සිරුරෙන් වැඩක් වුවහොත් යැහැකැයි කියා...
    පූජා කළොත් අනටෝමිය වෙත ඔය සිරුර මරණින් මතු හෝ පිනක් වේ එය නුඹට......


    ""මේ තාක් වැඩකට නොමැති වූ නුඹේ ඔය සිරුරට මරණින් පසු කුමන කැටයම්ද""

    ReplyDelete
    Replies
    1. ""මේ තාක් වැඩකට නොමැති වූ නුඹේ ඔය සිරුරට මරණින් පසු කුමන කැටයම්ද""

      තව චුට්ටෙන් මම මැරෙන්නේ ඔය ටික දැකල හිනා වෙලාම.........

      Delete
  10. මම මළගෙදර එනවා සහෝ කන්න මොනවා හරි ලැස්ති කරලා තියන්න කියන්න

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් ක්‍රීම් ක්‍රැකර් වලට උඹ කැමතිද?

      Delete
  11. මළාම මේ‍ක කරන්නම් .. ඊට කලින් ලෙඩේ හොඳ කරගනින්

    මටත් දරුනුවටම ගැස්ට්‍රයිටීස් තිබ්බා...
    කිතුල් පිටි කැද බීපං උදේට .. අත්දුටුයි ප්‍රත්‍යක්සයි

    ReplyDelete
    Replies
    1. බෝඩිම් වල කොහෙද බන් කිතුල් පිටි කැද ... :'(

      Delete
  12. මම නම් මැරුණම මිනිය දෙනවා මෙඩිකල් ෆැකල්ටි එකකට.
    මැරුණම ඇස් දෙන වැඩේට නම් දැන්ම සූදානම් කරලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා බොන්නත් එපා ඉතින්.මොකටද බොරුවට ලෙඩ හදාගන්නේ.
      ඉක්මනටම හොඳ වෙන්නකෝ එහෙනම් :)

      Delete
    2. දාන්න 5ක් ප්‍රමුදි.මමත් ඇස් දන් දෙන්න අත්සන් කළා අවුරුදු දෙකකට කලින්....:):)

      Delete
    3. මේ යන විදියට මගේ ඇස් දෙකෙනුත් වැඩක් වේවිද දන්නේ නෑ...

      Delete
    4. පහක නෙවේ දහයක්ම දැම්මා ඔන්න..:)

      Delete
    5. @මානවක>> ඔය කිවේ ඉතින් :@

      Delete
  13. අනේ බුදු මානවක...මැරුණට කමක් නැහැ....බොන්න නම් එපා මචං...

    ReplyDelete
    Replies
    1. මැරෙන එකත් පනයන වැඩක් බන්...:/

      Delete
    2. අනේද කියන්න wikz.මම ඕකට ටිකක් එකතු කරන්නම්.
      අනේ බුදු මානවක..මැරුණට කමක් නැහැ..බීලා මැරෙන්න එපා..

      Delete
  14. උදේට වතුර වීදුරු තුනක් බීල දාන්න. ඊට පස්සේ මිනිත්තු හතළිහක් යනතුරු මොකුත් කන්න එපා.. මටත් ගැස්ට්‍රික් තියෙනවා. හැබැයි ඕකෙන් පාලනේ වෙලා තියෙන්නේ. ඉඳහිට තෙල් වැඩි මිරිස් වැඩි කෑම කෑවොත් කපෝතියි.. උණු වතුර බොන්න පුරුදුවෙන්න ..

    ReplyDelete
    Replies
    1. බෝඩිමේ ඉඳං කඩෙන් කනකොට ඔය දේවල් කරන්න අමාරුයි ජයියෝ......... :/

      Delete
  15. හි හි.. මානව සහෝ මොකද මෙහෙම ලියන්න හිතුනෙ අනේ..:)
    කොහොම උනත් කවි පද ටික අපූරුයි..
    හ්ම්ම්..මාත් එක පාරක් ඔහොම මැරෙන්න ගිහින් තියනවා..:)


    මම ඉස්සෙල්ලම මේ බ්ලොග් එකට ආපු දවසේ තිබ්බ බ්ලොග් හෙඩර් එක මාරම ලස්සනයි.එදා තව කවුරුහරි ඒ ගැන කමෙන්ට් කරලත් තිබ්බ..කන්දක් තිබ්බ එකක් වගේ අප්ප මතක..නිකන් මතක් උන නිසා ලිව්වේ.. :)

    ReplyDelete
    Replies
    1. මාත් එක පාරක් ඔහොම මැරෙන්න ගිහින් තියනවා..:)...
      මම කැමතිම කෑල්ල මේක තමයි [ ..:)... ]

      හෙඩර් එක ගැන කියනවනම් මගේ ඔලමොට්ටල කමින් ඒකට වැඩේ සිද්ද උනා ..දැන් මතක නෑ මොකක්ද කියල ඒක.හැබැයි මේ කොම්මෙන්ට් ඒක ලියපු වෙලාව වෙනකොට මම බ්ලොග් එකේ පෙනුම වෙනස් කරලා....නව පෙනුමකින් ඇවිල්ල...

      Delete
  16. moda,gon manawaka ayye bonna epa halo.......biwwa kiyala oyata mona hari labenawada?nane....welawata kanna nattam oka ayeth hadei.......

    ReplyDelete
    Replies
    1. මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි... ( මෙව්න්න ලැබෙන එකම දේ - මේක අදහසක් විතරයි හොඳේ )


      පිළුණු කවියකට උණු පෙරවදනක් | ඝනකම් අඳුර | The Thick Dark

      Delete
  17. මැරිලත් ඉවරද???

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. වැඳල කියන්නෙ...
    බොන්න එපා කියල...
    අහන්න බැරිද ඔයාට...
    මරණින් පස්සෙ...
    අවුරුදු ගණන්...
    විඳවන්න වෙන්නෙ...
    අනිත් මිනිස්සුන්ට...
    එයාල පව්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්....හරි හරි.....

      Delete
  19. තරුමලී සමඟ එකඟ වෙමි!!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හපොයි කුමන්ත්රණ කාරයෝ

      Delete
  20. මාත් ආව ඔයාගෙ බ්ලොග් එක බලන්න...අර අසහනකාරය මගෙ නමින් කොමෙන්ට්ස් දාල තියන තැන් මට කියන්න ප්ලීස්..!

    ReplyDelete
  21. prashna walata hariyata muhuna nodi bila wisadum hoyana eka moda wedak.....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බීලා විසදුම් හොයනවා...:D

      Delete
  22. මනාවක මහත්තයා මැරුනේ බීලා නම් මේ මොනවත් නැත ලී කෑල්ලක ගහනවා බීලා මැරුණ තවත් එකෙක් කියලා එච්චරයි. නැත්නම් ඉතින් සොහොන් කොත් එකට දහයක් හදන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. බීලා හරි නිබි හරි මැරුණම මැරිලා නේ .......... :'(

      Delete
  23. හම්මෝ මතක් කරන්න එපා අප්පා ඔය ලෙඩ ටික.. ඒවා හැදුනම නොමැරී මැරෙනවා..
    මගෙනුත් කවියක් දෙන්නම් සොහොනට... එක පස්සේ ඈ..

    ReplyDelete
  24. මට මතක් උනේ මළවුන්ගේ අවුරුදු දා පොතේ අන්තිම ටික.
    "නොගියොත් යලි ආ නොහැකිය.යාම හොඳයි.ගොස් ඊමද හොඳයි.ලොව ඇත්තේ යාම සහ ඊමය.නෑවිත් යන්නට බැරිය.නොගොසින් එන්නට බැරිය."

    බොන එක නම් සාධාරණීකරනය කරන්න බෑ මොන හේතුවකටවත්.

    ReplyDelete
  25. manawaka,,oyata thiyena prashna monawada kiyannako ane, ewa api katath tiyena ewada? eth bonna nam epa
    my dear one leda walata beheth thiyana wa. mama asai oyage kawi walata. than nam mata kavi hadanna beha
    thanks i'm weera

    ReplyDelete

හිතුනේ මොනවද?